ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී
අපගේ ඉතිහාසය
ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් කම්පනි පීඑල්සී (AMF) සහ wd¾msflda ෆිනෑන්ස් කම්පනි පීඑල්සී (AFC) වශයෙන් ඉමහත් ගෞරවයට පාත්‍ර වූ ශ්‍රී ලංකාවේ පැරණිතම මූල්‍ය ආයතන දෙකක් 2021 අප්‍රේල් මස 01 වැනි දින නිල වශයෙන් එක් ආයතනයක් ලෙසට ඒකාබද්ධ කෙරිණ.
විශාල පරාසයකින් යුත් මූල්‍ය විසඳුම් ඉදිපත් කිරීමෙහි ලා සාඩම්බරයෙන් යුත් §¾> ඉතිහාසයක් 1951 වර්ෂයේ ආරම්භ කරන ලද wd¾msflda ෆිනෑන්ස් කම්පනි පීඑල්සී සතුව ඇත. ඒ හා සමාන සාඩම්බර ඉතිහාසයක් සහිත ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් කම්පනි පීඑල්සී ආරම්භ කරන ලද්දේ 1962 වර්ෂයේ දී ය. ශක්තිමත් ආයතන දෙකක එකතුව හරහා ld¾hlaIu;dj හා ඵලදායී බව වඩාත් ඉහළ මට්ටමකට ගෙනඒමට අපි ඇපකැප වී සිටිමු. එකී ඒකබද්ධතාව හරහා මූල්‍ය සේවා l¾udka;h තුළ උසස් ස්ථානයක් හිමිකරගැනීමේ පැහැදිලි දැක්මත් සහිත මෙම ආයතනය ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභි මූල්‍ය ආයතන දැවැන්තයන් අතරින් එකක් බවට පත්වී ඇත.
ඒකාබද්ධ කිරීමේ දිනය: අප්‍රේල් 2021
අපගේ විකාශය
ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී
පුරා දශක හයකට ආසන්න කාලයක් අප ආයතනය පාරිභෝගික තෘප්තිය උදෙසා කැපවී සිටින බව පවසන්නේ ආඩම්බරයෙනි. අපගේ ප්‍රෞඩ ඉතිහාසය සහ දිවයින පුරා පිහිටා ඇති ශාඛා ජාලයේ අත්දැකීම් සමගින් ලීසිං, කුලී සින්නක්කර, ස්ථාවර තැන්පතු, ඉතුරුම් සහ ඉස්ලාමීය පහසුකම් දක්වා ඔබගේ පෞද්ගලික සහ ව්‍යාපාරික අවශ්‍යතා සපුරාලන පුළුල් මූල්‍ය සේවාවන් රැසැක් සැපයීමට අපට සහය විය හැක.