ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී
විකල්ප මූල්‍ය ඒකකය (AFU)
විකල්ප මූල්‍ය අවස්ථා ප්රතිනිර්වචනය කිරීමේ ඔබගේ සහකරු
අල් ජබාල් යන්නෙහි තේරුම කන්ද යන්නයි. එයින් සංකේතවත් වන්නේ ඉස්ලාමීය ඒකකය, ස්ලාමීය මූල්‍ය o¾YKh තුළ නිහතමානී ලෙස ගමන් කරන බවයි. AMF සිය විකල්ප මූල්‍ය සංකල්පය mrudo¾Yhla ලෙස සමස්ත ජනතාව වෙතම සැපයීමට සැදී පැහැදී සිටියි. ඔබ සඳහා සේවයට කැපවූ අපගේ විකල්ප මූල්‍ය කණ්ඩායම සහ සුප්‍රසිද්ධ ෂරියා උපදේශක කමිටු සාමාජිකයන්ගේ මග පෙන්වීම සමඟ wpdrO¾u සහ ව්‍යාපාරික කුසලතා පෙරදැරි කරගත් ඉස්ලාමීය මූල්‍යකරණය ඔබ වෙත පිළිගන්වමු.
AMF විකල්ප මූල්‍ය නිශ්පාදන
වකාලා කාලීන ආයෝජන
වකාලා ආයෝජන හරහා විකල්පමය ස්ථීර හෝ කාලීන තැන්පතු අවස්ථා ලබාදෙන අතර ඒ තුළින් ආයෝජකයන්ට ආයෝජන ප්රතිලාභ සැලසුම් කිරීමේ අවස්ථාවත් මූල්‍ය සුරක්ෂිත තාවයත් ලබාදෙයි.
එය සිදුවන්නේ කෙසේද
වකාලා යනු ආයෝජකයා සහ AMF හි විකල්ප මූල්‍ය ඒකකය අතර වූ ප්‍රතිපත්තිමය නියෝජිත ගිවිසුමකි. මෙම ආයෝජන AMF හි ෂරියා නීතියට අනුකූල වූ ව්‍යාපාර කටයුතු වලට අදාල ගණුදෙනු වල ආයෝජනය කරයි.
විශේෂාංග හා ප්රතිලාභ
- අවම ආයෝජනය රු. 25,000.00
- මාස 03 සිට මාස 60 දක්වා ආයෝජන කාළසීමා
- මාසික, ld¾;=uh” oaújd¾Isl” jd¾Isl සහ කල්පිරීමේ ලාභාංශ
ඉජාරා වාහන මූල්‍යකරණය
ඉජාරා යනු ඉස්ලාමීය ෂරියා නීතියේ මූල්‍යකරණ ක්‍රමයක් වන අතර මෙය ලොවපුරා ඉස්ලාමීය බැංකු සහ මූල්‍ය කර්මාන්තය තුළ බහුලව ක්‍රියාත්මක වේ. ඉජාරා මූල්‍ය ක්‍රමය අද්විතීය වන අතර එය ඔබගේ සියළු වාහන ලීසිං අවශ්‍යතා සපුරාලීම සඳහා විශේෂයෙන් ks¾udKh කර ඇත. ඉජාරාමූලධර්ම වලට අනුකූලව, මූල්‍ය ආයතනය (අල් ජබල්) ඔබට අවශ්‍ය වාහනය මිලදී ගෙන ඔබට එහි iïmQ¾K භාවිතය භුක්ති විදිය හැකි වන පරිදි එය කුලියට දෙනු ලැබේ. එකඟ වූ කුලී කාලය අවසානයේදී ඔබට එහි iïmQ¾K හිමිකාරිත්වය භුක්තිවිදිය හැකි වන පරිදි අපි ඔබගේ නමට වාහනය නැවත පවරා දෙන්නෙමු.
විකල්ප මූල්‍ය සේවා (අළුත් සහ ලියාපදිංචි වාහන සඳහා)
ඉස්ලාමීය මූල්‍යකරණයේදී විකුණුම්/ කොන්ත්‍රාත්තුවක් යනු මූල්‍ය ආයතනය (අල් ජබල්) විසින් සේවා දායකයා වෙනුවෙන් භාණ්ඩය මිලදී ගෙන එම භාණ්ඩය එම සේවාදායකයාටම නැවත විකිණීමයි. එම භාණ්ඩය මිලදී ගැනීමේදී දරණ පිරිවැය සහ භාණ්ඩය නැවත විකිණීමේදී ආන්තිකය හෝ ලාභාංශය පැහැදිළිව සඳහන් කිරීමෙන් එය සිදු කෙරේ. (ලියාපදිංචි වාහන සඳහා අදාල වේ)
ෂරියා අධීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයින්
- අෂ්-ෂෙයික් මුෂරීඩ් එම් මුලග්ෆර්
අෂ්-ෂෙයික්මූහමද් හුසෙයිෆා
අභ්‍යන්තර උපදේශක යහ්යා ඉල්හාම් මහතා
අප හා සම්බන්ධ වන්න AMF-AFU HQ
- Investment: +94 701925536
- Ijarah / Leasing : Mubdhi +94 70 208 9312
- Coorperate office : +94 11 555 3663
- Coorperate Office Address : 146, Havelock Road, Colombo-05
- Head Office : No. 89, Hyde Park Corner, Colombo 02
