ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී
අධ්‍යක්ෂ මණ්ඩලය
සුරේන් ගුණවර්ධන මහතා
අධ්‍යක්ෂ - ස්වාධීන නොවන
සුරේන් .=Kj¾Ok මහතා තොරතුරු තාක්ෂණය, විදුලි සංදේශණ, ආයතනික ප්‍රතිව්‍යුහගතකරණය, ආයෝජන / ණය කළමනාකරණය, මූල්‍ය, අලෙවිකරණය/ විකුණුම් සහ ව්‍යාපාර කළමනාකරණය වැනි විවිධ ක්ෂේත්‍රයන්හි වසර 31 ක පුළුල් අත්දැකීම් හා ජ්‍යෙෂ්ඨ තනතුරු දැරූ අයෙකි.
ඔහු ඕස්ට්‍රෙිලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර ගිණුම්කරණය පිළිබඳ උපාධිධාරියෙක් [BBUS (ACC)] වන අතර සහතිකලත් ක්‍රියාශ්‍රීලී ගණකාධිවරයෙකු වශයෙන්ද කටයුතු කරයි. එක්සත් රාජධානියේ වරලත් අලෙවිකරණ ආයතනයේ (CIM) සාමාජිකයෙක් වන .=Kj¾Ok මහතා ශ්‍රී ලංකාවේ වරලත් අලෙවිකරණ ආයතනයේ සාමාජිකයෙකු ද වේ. ශ්‍රී ලංකා සේවායෝජකයන්ගේ සම්මේලනයේ මණ්ඩල සාමාජිකයෙකු මෙන්ම ශ්‍රී ලංකාවේ ඉන්දියානු වානිජ විද්‍යා මණ්ඩලයේ විධායක කමිටුවේ හිටපු සාමාජිකයෙකුද වේ.
භාරතී එයාටෙල් ලංකා සමාගමේ සභාපති/ කළමණාකාර අධ්‍යක්ෂ, ඩයලොග් රූපවාහිනියේ m%j¾Ok මෙහෙයුම් නිලධාරී, ලංකා බෙල් සමාගමේ සමූහ කළමණාකාර අධ්‍යක්ෂ, යන තනතුරද, සිවිල් ගුවන් සේවා අධිකාරියේ සහ ලංකා නැව් සංස්ථාවේ අධ්‍යක්ෂකවරයෙකු ලෙසද ඔහු කටයුතු කර ඇත.
.=Kj¾Ok මහතා දැනට ලංකෙම් සමූහ ව්‍යාපාරයේ කළමණාකාර අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන අතර ෆස්ට් ගාඩියන් ඉක්විටීස් සමාගමේ සහ දාවි ඉන්වෙස්ට්මන්ට් ට්‍රස්ට් සමාගමේ අධ්‍යක්ෂකධූරයද දරයි.
ජේ. පී. අයි. නාලත ohdjxY මහතා
උප සභාපති/ විධායක අධ්‍යක්ෂ
ohdjxY මහතා ජර්මනියේ ස්ටට්ගාර්ට් විශ්වවිද්‍යාලයේ මෝටර් ohdjxY මහතා ld¾ñl ඉංජිනේරු ඩිප්ලෝමාධාරියෙකු වන අතර ඩීමෝ, මර්සිඩීන් බෙන්ස් සහ බොෂ් (GmbH) සමාගම වැනි දැවැන්තයන් ඇසුරෙන් ලැබූ පන්නරයෙන් දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද පුළුල් අත්දැකීම් ඇත්තෙකි. මෝටර් වාහන ක්ෂේත්‍රෙය් ඇති හසල දැනුම පෙරදැරි කරගෙන 1983 වසරේ ඉම්පීරියල් ආනයන සහ අපනයන පුද්ගලික සමාගම නමින් තමන්ගේම ව්‍යාපාරයක් ඇරඹූ ඔහු, සුඛෝපභෝගී වාහන ලංකාවට ගෙන්වීමෙහිලා පුරෝගාමියෙක් විය.
මෙයට අමතරව ohdjxY මහතා wd¾:sl සහ කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාවක් එක්සත් රාජධානියේ London School of Economics & Management විශ්වවිද්‍යාලයෙන් ලබා ඇත.
වසර 1982 දී ඇසෝසියේටඩි මෝටර් ෆිනෑන්ස් සමාගමේ විධායක අධ්‍යක්ෂකවරයෙකු ලෙස පත්වන නාලත මහතා ඔහුගේ පියාණන් වන ජේ.පී.අයි. පියදාස මහතාගේ අභාවයෙන් පසු සමාගමේ සභාපති/ කළමනාකාර අධ්‍යක්ෂ වශයෙන් තේරී පත්විය.
මෝටර් රථවාහන ක්ෂේත්‍රයට අමතරව ohdjxY මහතා මූල්‍ය කළමනාකරණ, Hospitality and Leisure, ඇඟලුම්, ආනයන/ අපනයන ව්‍යාපාර පිළිබඳ වසර 36 කට වැඩි පෘථුල දැනුම් සම්භාරයකට හිමිකම් කියයි.
ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයෙකු වීමට අමතරව ඔහු දැනට ඇඟලුම් අපනයනයෙහි යෙදී සිටින පොදු සමාගමක් වන පොලිටෙක් (සිලෝන්) හි සහ වාහන ආනයන අපනයන පුද්ගලික සමාගමක් වන ඉම්පීරියල් ආයතනයේ සභාපති/ කළමනාකාර අධ්‍යක්ෂ තනතුරු හොබවයි.
ටී. එම්. සලේ මහතා
විධායක අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී
සලේ මහතා එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ අධි සාමාජිකයෙකු (FCMA) සහ වරලත් ගෝලීය කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයෙකු ද වේ (CGMA). ඕස්ට්‍රෙිලියාවේ සහතිකකල කළමනාකරණ ගණකාධිකාරීන්ගේ ආයතනයේ mQ¾K සුදුසුකම්ලත් සාමාජිකයෙකු (CMA) වන අතර ඔහු එක්සත් රාජධානියේ වරලත් අලෙවිකරණ ආයතනයේ අධි සාමාජිකත්වයද (FCIM) හොබවයි. සලේ මහතා මැලේසියාවේ ආසියා විශ්වවිද්‍යාලයෙන් පරිපාලනය පිලිබද පශ්චාත් උපාධිය ලබා ඇත.
මූල්‍ය lafIa;%fha වසර 34 ක හසල පළපුරුද්දක් ඇති සලේ මහතා විගණන, ණය අයකරගැනීම්, අලෙවිකරණ, ව්‍යාපෘති කළමණාකරණය සහ Event Management වැනි විවිධ ව්‍යාපාරයන් සම්බන්ධයෙන්ද මනා දැනුමක් ඇත්තෙකි. ඔහු මූල්‍ය අංශයේ කටයුතු වලට අමතරව වෙනත් ක්‍රියාකාරී තනතුරු රාශියක් Hospitality & Leisure, සෞඛ්‍ය සේවා, ජාත්‍යන්තර වැඩමුළු සංවිධානය/ කළමනාකරණය, සන්නිවේදන, නිෂ්පාදනය සහ අලෙවිකරණය යන අංශයෙහි හොබවා ඇත.
වසර 1997 දී ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් සමූහයේ ගණකාධිකාරි තනතුරින් ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් සමාගම හා එක්වුන සලේ මහතා වසර 2003 දී එහි සාමාන්‍යධිකාරී තනතුරටද වසර 2011 දී ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී තනතුරටද පත්වන ලදී. වසර 2014 දෙසැම්බර් මස සිට wd¾msfld ෆිනෑන්ස් සමාගමේ විධායක අධ්‍යක්ෂ තනතුර හෙබවූ සලේ මහතා නව ඒකාබද්ධ AMF සමාගමේ විධායක අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී තනතුරු හොබවයි.
ජේ.පී.අයි. ශනිල් ohdjxY මහතා
විධායක අධ්‍යක්ෂ
ශනිල් ohdjxY මහතා එක්සත් රාජධානියේ Essex විශ්ව විද්‍යාලයෙන් ගිණුම්කරණය සහ කළමණාකරණය පිළිබඳ උපාධියක් (BA) ලබා ඇති අතර ඔහු ඔස්ට්‍රෙිලියාවේ මොනෑශ් විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර ව්‍යාපාරකරණය පිළිබඳ පශ්චාත් උපාධිලාභියෙක්ද වේ (MA). ඔහු ලබා ඇති මෙම අධ්‍යාපන සුදුසුකම්, AMF ආයතනයේ ව්‍යාපාර සහ මූල්‍ය කළමනාකරණය ඉතා ඉහළ මට්ටමක පවත්වා ගැනීම සඳහා බෙහෙවින් බලපායි.
වසර 2009 සැප්තැම්බර් මස ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් සමාගමේ විධායක අධ්‍යක්ෂකවරයෙකු ලෙස ශනිල් ohdjxY මහතා පත්කරගන්නා ලදී. එමෙන්ම ඔහු ආපිකෝ ෆිනෑන්ස් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ දූරය එම සමාගම ඒකාබද්ධ වීම දක්වාම හොබවා ඇත.
ඒකාබද්ධ අධ්‍යක්ෂ මණ්ඩලයට තරුණ නායකත්වයක් සහ නව ජවයක් ලබාදෙමින් ශනිල් ohdjxY මහතා ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් සමාගමේ විධායක අධ්‍යක්ෂකවරයෙකු ලෙස දැනට කටයුතු කරයි. ඒකාබද්ධ සමාගමේ ශක්තිය සහ ආයතනයේ ඵලදායිතාවය නව චින්තනයන් තුළින් වැඩිදියුණු කිරීමට ශනිල් මහතා දායකත්වය සපයයි.
ඒ.එස්. ohdjxY මහත්මිය
විධායක අධ්‍යක්ෂ
ඒ.එස්. ohdjxY මහත්මිය වසර 1995 දී ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් සමාගමේ විධායක අධ්‍යක්ෂවරියක වශයෙන් පත්කරගන්නා ලදී. මෙයට අමතරව ඇය ඇඟලුම් ආනයනය සහ අපනයනය සමාගමක් වන පොල්ටෙක් සිලෝන් ලිමිටඩ් සමාගමේ සහ එක්සත් රාජධානියේ සිට මෙරටට වාහන ආනයනය සහ අපනයනය කරන ඉම්පීරියල් ඉම්පෝට් සහ එක්ස්පෝට් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂධූරයද හොබවයි.
ohdjxY මහත්ම්ය “අයනී” ඇගලුම් මන්දිරයේ කළමනාකරණ හවුල්කාර md¾Yjh ලෙස කටයුතු කරන අතර ඇඟලුම්, මූල්‍ය කළමනාකරණය, ආනයන සහ අපනයන යන ක්ෂේත්‍රයන්හි වසර 22 කට වඩාවැඩි පළපුරුද්දක් ලබා ඇත.
නිලංක පීරිස් මහතා
අධ්‍යක්ෂ - ස්වාධීන විධායක නොවන
නිලංක පීරිස් මහතා මූල්‍ය සැලසුම්කරණය සහ පාලනය, විගණනය, ණය මෙහෙයුම් සහ කළමනාකරණය, සැපයුම්කරණය යන ක්ෂේත්‍රයන්හි වසර 30 කට අධික පළපුරුද්දක් ඇති මූල්‍ය වෘත්තිකයෙකි. ඔහු ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ, ශ්‍රී ලංකා ණය කළමනාකරණ ආයතනයේ, කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ වරලත් සාමාජිකයෙකුද වේ.
සෙලාන් බැංකුවෙන් තම වෘත්තීය ආරම්භ කල පීරිස් මහතා වසර 2012 ජනවාරි මස wd¾msflda ෆිනෑන්ස් සමාගමේ ස්වාධීන-විධායක නොවන අධ්‍යක්ෂකවරයෙකු ලෙස පත්කර ගන්නා ලදී. ඔහු 2019 වසරේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂකවරයෙකු ලෙස පත්වී 2021 වසර දක්වා එම තනතුර හෙබවීය. එම කාලය තුල, පීරිස් මහතා විගණන කමිටුවේත්, අවදානම් සහ ආශ්‍රිත පක්ෂ ගණුදෙනු කමිටුවේත් සභාපති ලෙස කටයුතු කලේය.
මහජන බැංකුවේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂකවරයෙකු ලෙස පීරිස් මහතා කටයුතු කල අතර එහිදී ඔහු විගණන, අවදානම් සහ තොරතුරු තාක්ෂණ කමිටුවල සභාපති තනතුරද ණය කමිටුවේ සාමාජික තනතුරද හෙබවීය. බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන වල පත්වීම් වලට අමතරව ඔහු m%j¾Ok අංශයේ විශාලතම මෘදුකාංග සැපයුම් ආයතනය වන ජෙන්සොෆ්ට් පුද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂකවරයා ලෙස වැඩ බලන අතර තොරතුරු සුරක්ෂිතතාව සහ සයිබර් ආරක්ෂාව කෙරෙහි අවදානය යොමුකරන බ්ලැක් හැට් ෆෝස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු ලෙසද පත්වී සිටියි.
අධ්‍යාපනික වශයෙන් පීරිස් මහතා කැළණිය විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙකි. එමෙන්ම පීරිස් මහතා, ශ්‍රී ලංකා ණය කළමනාකරණ ආයතනයේ පාලක මණ්ඩලයේ ගරු තනතුරක් ද සිංහල ක්‍රීඩා සමාජයේ භාණ්ඩාගාරික තනතුරද හොබවන අතර ශ්‍රී ලංකා අධ්‍යක්ෂකවරුන්ගේ ආයතනයේ තාක්ෂණ සහ නවෝත්පාදන කමිටුවේ සාමාජිකත්වයද දරයි. පීරිස් මහතා දැනට සමාගමේ ස්වාධීන – විධායක නොවන අධ්‍යක්ෂකවරයෙකු ලෙස සේවය කරයි.
ටෞචිර ගුණරත්න කණ්ඩම්බි මහතා
අධ්‍යක්ෂ - ස්වාධීන විධායක නොවන
කණ්ඩම්බි මහතා 2020 අප්‍රේල් 23 දින ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයට බඳවා ගන්නා ලදී. ඔහු ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරී වරුන්ගේ ආයතනයේ (ACA) සහ ශ්‍රී ලංකාවේ සහතිකකල කළමනාකරණ ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ (CMA) සාමාජිකයෙකි. කණ්ඩම්බි මහතා ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ බැංකු කළමනාකරණය පිලිබඳ පශ්චාත් උපාධිලාභියෙක්ද වේ.
ගණකාධිකරණය, විගණනය, ආයතනික කළමනාකරණය, මූල්‍ය සහ බදු යන ක්ෂේත්‍රයන්හි වසර 30 කට වෘත්තීමය පළපුරුද්දක් ඇති කණ්ඩම්බි මහතා ඉදිකිරීම් කටයුතු, ඉංජිනේරු, වෙළද සහ බෙදාහැරීම්, කෘෂිකාර්මික, සංචාරක, බලශක්ති, ආගන්තුක සත්කාර, තොරතුරු තාක්ෂණය වැනි ක්ෂේත්‍රයන්හි පුළුල් පරාසයක දැනුම් සම්භාරයකට ද උරුමකම් කියයි.
නන්ද ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් සාමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී වශයෙන්ද කටයුතු කර ඇති ඔහු විදේශයන්හි ආයතන සමූහයකද ජ්‍යෙෂ්ඨ ගණකාධිකාරී තනතුරු හොබවා ඇත.
ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් සමාගමේ අධ්‍යක්ෂ තනතුරට අමතරව තවත් පෞද්ගලික ආයතන කීපයක අධ්‍යක්ෂ තනතුරු දරන කණ්ඩම්බි මහතා දැනට ටී.ජී. කණ්ඩම්බි සහ සමාගම නමින් (වරලත් ගණකාධිකාරී ආයතනය) තම වෘත්තීමය කටයුතු හොබවයි.
රනිල් විජේ.=kj¾Ok මහතා
අධ්‍යක්ෂ - ස්වාධීන විධායක නොවන
විජේ.=kj¾Ok මහතා වසර 2020 මැයි මස 18 වන දින ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කරගන්නා ලදී.
ඔහු, ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයෙකි (FCA). විජේ.=kj¾Ok මහතා ශ්‍රී chj¾Okmqr විශ්ව විද්‍යාලය විසින් පිරිනමන පශ්චාත් කළමනාකරණ උපාධිලාභියෙක් මෙන්ම ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනය විසින් පිරිනමන භාණ්ඩාගාර ආයෝජන සහ අවදානම් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාධාරියෙකුද වේ.
ප්‍රමුඛ පෙලේ ලැයිස්තුගත සමාගම්වල සහ වෙනත් ආයතන වල මූල්‍ය හා කළමනාකරණය, ගිණුම්කරණය, බදුකරණය, විගණනය, පරිපාලනය, ප්‍රතිසම්පාදනය, තොරතුරු තාක්ෂණය සහ සංස්ථානික කළමණාකරණය පිලිබඳ වසර 30 කට වඩා වැඩි වෘත්තීය පළපුරුද්දක් ඔහු සතුව ඇත.
විජේ.=kj¾Ok මහතා කොළඹ ඩොක්යාර්ඩ් පී.එල්.සී. හි කළමනාකරණ අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කර ඇති අතර මින් පෙරද එම සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරී තනතුර හොබවා ඇත. ඔහු ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි ප්‍රමුඛ පෙලේ සමාගම් කිහිපයක අධ්‍යක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී, ප්‍රධාන මූල්‍ය නිලධාරී සහ සාමාන්‍යාධිකාරී තනතුරු හොබවා ඇත. j¾:udkfha ඔහු වෙනත් ආයතන සඳහා ව්‍යාපාරකරණ උපදේශකයකු ලෙසද කටයුතු කරයි.