ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් පීඑල්සී සමාගම

අධ්‍යක්‍ෂ මණ්ඩලය

කේ.ඩී.යූ.එස්. නානායක්කාර මහතා

සභාපති – ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ

වසර 2015 නොවැම්බර් 05 වන දින සිට ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් සමාගමේ ස්වාධීන නොවන අධ්‍යක්ෂකවරයෙකු වශෙයෙන් කටයුතු කල කේ. ඩී. යූ. එස්. නානායක්කාර මහතා ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් සමාගමේ සභාපති ලස 2020 වසෙරේ මැයි මස 18 දින සිට පත්කරගන්නා ලදි.

නනායකකර මහතා කොළඹ විශ්ව විද්‍යාලයෙන් ශුද්ධ ගණිතය හා භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධියක් ලබා ඇති අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයෙන් පරිපාලනෙවේදී (MBA) උපාධියක් ලබා ඇත. ඔහු එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයෙකි.

වසර 1999 දී මාස් හෝල්ඩින්ග්ස් ආයතනෙයේ පූර්ණ අනුබද්ධිත සමාගමක් වන ලීනියා ඉන්ටිමෝ සමග සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ නානායක්කාර මහතා මාස් අක්ටිව් සමාගමේ මූල්‍ය අධ්‍යක්ෂක ධුරයට 2014 දී පත්වී වසර 2017 දක්වා එම තනතුර හෙබවිය. මෙම කාලය පරාසය තුළ ඔහුගේ නායකත්වය යටෙතේ මාස් අක්ටිව් මූල්‍ය කණ්ඩායම් CIMA විසින් පවත්වනු ලබන කාරක අධ්‍යයන අංශයේ ගෞරවනීය සම්මානය දිනාගැනීමට සමත් විය. Lean Enterprise ක්‍රමවේදය යටතේ උපරිම සේවාවක් පිරිනැමීම සහ සාර්ථක මූල්‍ය පරිණාමනයක් ලබාගැනීම යන කරුණු මෙම අධ්‍යයනයට හේතුපාදක කොටගෙන ඇත.

පසුව ඔහු මාස් ඇක්ටිව් හි නිෂ්පාදන සහ සැලසුම්කරණ අධ්‍යක්ෂකවරයෙකු මෙන්ම මාස් හොල්ඩින්ග්ස් හි ක්‍රීඩා ඇඟලුම් අංශයේ අධ්‍යක්ෂකවරයෙකු ලෙසද කටයුතු කර ඇත.

චීනයේ, ඉංදියාවේ සහ ජෝර්දානයේ නිමවුම් හවුල් ව්‍යාපාර පිහිටුවීම සම්බන්ධයෙන් ක්‍රියාකාරී සමාජිකයෙකු ලෙසද ඔහු කටයුතු කර ඇත. MAS ආයතනයේ මෙහෙයුම් කටයුතු බටහිර අර්ධගෝලයේ රටවලට ව්‍යාප්තිකරවීමේ භාරදූර්‍ය කාර්‍යයද නානායක්කාර මහතා මූලික වීමෙන් සිදුවිය.

නානායක්කාර මහතා වසර 2017 ජනවාරි මස සිට මාස් ආයතනයේ හවුල් සේවා මෙහෙයුම් කටයුතු භාර මාස් ලෙගාටෝ සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස පත්වූ අතර දැනට ඔහු එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කරයි.

 

ජේ. පී. අයි. නාලත දයාවන්ස මහතා

උප සභාපති / විධායක අධ්‍යක්ෂ

දයාවන්ස මහතා ජර්මනියේ ස්ටට්ගාර්ට් විශ්වවිද්‍යාලයේ මෝටර් කාර්මික ඉංජිනේරු ඩිප්ලෝමාධාරියෙකු වන අතර ඩීමෝ, මර්සිඩීස්, බෙන්ස් සහ බොෂ් GmbH සමාගම වැනි දැවැන්තයන් ඇසුරෙන් ලැබූ පන්නරයෙන් දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද පුළුල් අත්දැකීම් ඇත්තෙකි. මෝටර් වාහන ක්ශේත්‍රයේ ඇති හසල දැනුම පෙරදැරි කරගෙන 1983 වසරේ ඉම්පීරියල් ආනයන සහ අපනයන පුද්ගලික සමාගම නමින් තමන්ගේම ව්‍යාපාරයක් ඇරඹූ ඔහු, සුඛෝපභෝගි වාහන ලංකාවට ගෙන්වීමෙහිලා පුරෝගාමියෙක් විය.

මෙයට අමතරව දයාවන්ස මහතා ආර්ථික සහ කළමනාකරණය පිලිබඳ ඩිප්ලෝමාවක් එක්සත් රාජධානියේ London School of Economics & Management විශ්වවිද්‍යාලයෙන් ලබා ඇත.

වසර 1982 දී ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් සමාගමේ විධායක අධ්‍යක්ෂකවරයෙකු ලෙස පත්වන නාලත මහතා ඔහුගේ පියාණන් වන ජේ.පී.අයි පියදාස මහතාගේ අභාවයෙන් පසු සමාගමේ සභාපති/කළමනාකාර අධ්‍යක්ෂ වශයෙන් තේරී පත්විය.

මෝටර් රථවාහන ක්ශේත්‍රයට අමතරව දයාවන්ස මහතා මූල්‍ය කළමනාකරණ, Hospitality & Leisure, ඇඟලුම් ,ආනයන/අපනයන ව්‍යාපාර පිලිබඳ වසර 36 කට වැඩි පෘථුල දැනුම් සම්භාරයකට හිමිකම් කියයි.

ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයෙකු වීමට අමතරව ඔහු දැනට ඇඟලුම් අපනයනයෙහි යෙදී සිටින පොදු සමාගමක් වන පොල්ටෙක් (සිලෝන්) හි සහ වාහන ආනයන අපනයන පුද්ගලික සමාගමක් වන ඉම්පීරියල් ආයතනයේ සභාපති/කළමනාකාර අධ්‍යක්ෂ තනතුරු හොබවයි.

ටී. එම්. ඒ. සලේ මහතා

විධායක අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී

සලේ මහතා එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරි ආයතනයේ අධි සාමාජිකයෙකු (FCMA) සහ වරලත් ගෝලීය කළමනාකරණ ගණකාධිකාරි ආයතනයේ සාමාජිකයෙකු ද වේ (CGMA). ඕස්ට්‍රේලියාවේ සහතික කල කළමනාකරණ ගණකාධිකාරීන්ගේ ආයතනයේ පූර්ණ සුදුසුකම්ලත් සාමාජිකයෙකු (CMA) වන අතර ඔහු එක්සත් රාජධානියේ වරලත් අලෙවිකරණ ආයතනයේ අධි සාමාජිකත්වයද (FCIM) හොබවයි. සලේ මහතා මැලේසියාවේ ඒශියා විශ්වවිද්‍යාලයෙන් පරිපාලනය පිලිබඳ පශ්චාත් උපාධිය ලබා ඇත.

මූල්‍ය ක්ශේත්‍රයේ වසර 34 ක හසල පළපුරුද්දක් ඇති සලේ මහතා විගණන, ණය, අයකරගැනීම් , අලෙවිකරණ, ව්‍යාපෘති කළමනාකරණය සහ Event Management වැනි විවිධ ව්‍යාපාරයන් සම්බන්ධයෙන්ද මනා දැනුමක් ඇත්තෙකි. ඔහු මූල්‍ය අංශයේ කටයුතුවලට වලට අමතරව වෙනත් ක්‍රියාකාරී තනතුරු රාශියක් Hospitality & Leisure , සෞඛ්‍ය සේවා, ජාත්‍යන්තර වැඩමුළු සංවිධානය/ කළමනාකරණය, ස්න්නිවේදන,නිෂ්පාදනය සහ අළෙවිකරණය යන අංශයන්හි හොබවා ඇත.

වසර 1997 දී ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් සමූහයේ ගණකාධිකාරි තනතුරින් ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් සමාගම හා එක්වුන සලේ මහතා වසර 2003 දී එහි සාමාන්‍යාධිකාරී තනතුරටද වසර 2011 දී ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී තනතුරටද පත් වන ලදී. වසර 2014 දෙසැම්බර් මස සිට ආර්පිකෝ ෆිනැන්ස් සමාගමේ විධායක අධ්‍යක්ෂ තනතුර හෙබවූ සලේ මහතා නව ඒකාබද්ධ AMF සමාගමේ විධායක අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී තනතුර හොබවයි.

ජේ. පී. අයි. ශනිල් දයාවන්ස මහතා

විධායක අධ්යක්ෂක

ශනිල් දයාවන්ස මහතා එක්සත් රාජධානියේ එසෙක්ස් විශ්ව විද්‍යාලයෙන් ගිණුම්කරණය සහ කළමනාකරණය පිලිබඳ උපාධියක් (BA) ලබා ඇති අතර ඕස්ට්‍රේලියාවේ මොනෑශ් විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර ව්‍යාපාරකරණය පිලිබඳ පශ්චාත් උපාධිලාභියෙක්ද වේ(MA). ඔහු ලබා ඇති මෙම අධ්‍යාපන සුදුසුකම්, AMF ආයතනයේ ව්‍යාපාර සහ මූල්‍ය කළමනාකරණය වෙත ධනාත්මක ලෙස සෘජුව බලපායි.

වසර 2009 සැප්තැම්බර් මස ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් සමාගමේ විධායක අධ්‍යක්ෂකවරයෙකු ලෙස ශනිල් දයාවන්ස මහතා පත්කරගන්නා ලදී. එමෙන්ම ඔහු ආර්පිකෝ ෆිනැන්ස් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ තනතුර ඒකාබද්ධ මොහොත දක්වා හොබවා ඇත.

ඒකාබද්ධ AMF අධ්‍යක්ෂ මණ්ඩලයට තරුණ නායකත්වයක් සහ නව ජවයක් ලබාදෙමින් ශනිල් දයාවන්ස මහතා ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් සමාගමේ විධායක අධ්‍යක්ෂකවරයෙකු ලෙස දැනට කටයුතු කරයි.
ඒකාබද්ධ සමාගමේ ශක්තිය සහ ආයතනයේ ඵලදායිතාවය නව චින්තන තුලින් වැඩිදියුණු කිරීමට ශනිල් මහතා දායකත්වය සපයයි.

ඒ. එස්. දයාවන්ස මහත්මිය

විධායක අධ්යක්ෂක

ඒ. එස්. දයාවන්ස මහත්මිය වසර 1995 දී ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් සමාගමේ විධායක අධ්‍යක්ෂකවරියක වශයෙන් පත්කරගන්නා ලදී. මෙයට අමතරව ඇය ඇඟලුම් ආනයන සහ අපනයන සමාගමක් වන පොල්ටෙක් සිලෝන් ලිමිටඩ් සමාගමේ සහ එක්සත් රාජධානියේ සිට මෙරටට වාහන ආනයන සහ අපනයනය කරන ඉම්පීරියල් ඉම්පෝර්ට් සහ එක්ස්පෝර්ට් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂකධුරද හොබවයි.

දයාවන්ස මහත්මිය “අයතී” ඇඟලුම් මණ්දිරයේ කළමනාකරණ හවුල්කාර පාර්ශ්වය ලෙස කටයුතු කරන අතර ඇඟලුම් , මූල්‍ය කළමනාකරණය, ආනයන සහ අපනයනය යන ක්ශේත්‍රයන්හි වසර 22 ට වඩා පළපුරුද්දක් ලබා ඇත.

නිලංක පීරිස් මහතා

අධ්‍යක්ෂ – ස්වාධීන විධායක නොවන

නිලංක පීරිස් මහතා මූල්‍ය සැලසුම්කරණය සහ පාලනය, විගණනය , ණය මෙහෙයුම් සහ කළමනාකරණය,සැපයුම්කරණය යන ක්ශේත්‍රයන්හි වසර 30 කට අධික පළපුරුද්දක් ඇති මූල්‍ය වෘත්තිකයෙකි. ඔහු ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ , ශ්‍රී ලංකා ණය කළමනාකරණ ආයතනයේ, කළමනාකරණ ගණකාධිකාරි ආයතනයේ, ශ්‍රී ලංකා අධ්‍යක්ෂකවරුන්ගේ ආයතනයේ,සහ සැපයුම් හා ප්‍රවාහන ආයතනයේ සාමාජිකත්වයන් උසුලයි. අමතරව ඔහු ගෝලීය කළමනාකරණ ගණකාධිකාරි ආයතනයේ වරලත් සාමාජිකයෙකුද වේ.

සෙලාන් බැංකුවෙන් තම වෘත්තීය ආරම්භ කල පීරිස් මහතා වසර 2012 ජනවාරි මස ආර්පිකෝ ෆිනැන්ස් සමාගමේ ස්වාධීන -විධායක නොවන අධ්‍යක්ෂකවරයෙකු ලෙස පත්කරගන්නා ලදී. ඔහු 2019 වසරේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂකවරයෙකු ලෙස පත්වී 2021 වසර දක්වා එම තනතුර හෙබවීය. එම කාලය තුල, පීරිස් මහතා විගණන කමිටුවේත්, අවදානම් & ආශ්‍රිත පක්ෂ ගණුදෙනු කමිටුවේත් සභාපති ලෙස කටයුතු කලේය.

මහජන බැංකුවේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂකවරයෙකු ලෙස පීරිස් මහතා කටයුතු කල අතර එහිදී ඔහු විගණන, අවදානම් සහ තොරතුරු තාක්ෂණ කමිටුවල සභාපති තනතුරද, ණය කමිටුවේ සාමාජිකයෙක තනතුරද හෙබවීය. බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතනවල පත්වීම් වලට අමතරව ඔහු ප්‍රවර්ධන අංශයේ විශාලතම මෘදුකාංග සැපයුම් ආයතනය වන ජෙන්සොෆ්ට් පුද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂකවරයා ලෙස වැඩ බලන අතර තොරතුරු සුරක්ශිතතාව සහ සයිබර් ආරක්ෂාව කෙරෙහි අවධානය යොමුකරන බ්ලැක් හැට් ෆෝර්ස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු ලෙසද පත්වී සිටියි. 

අධ්‍යාපන දෘශ්ඨිකෝණයකින් ගත්කල, පීරිස් මහතා කැළණිය විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙකි. ශ්‍රී ලංකා ණය කළමනාකරණ ආයතනයේ පාලක මණ්ඩලයේ ගරු තනතුරක් ද සිංහල ක්‍රීඩා සමාජයේ භාණ්ඩාගාරික තනතුරද හොබවන අතර ශ්‍රී ලංකා අධ්‍යක්ෂකවරුන්ගේ ආයතනයේ තාක්ෂණ සහ නවඋත්පාදන කමිටුවේ සාමාජිකත්වයද දරයි. පීරිස් මහතා දැනට ඒකාබද්ධ AMF සමාගමේ ස්වාධීන – විධායක නොවන අධ්‍යක්ෂකවරයෙකු ලෙස සේවය කරයි.

සුරේන් ගුණවර්ධන මහතා

අධ්‍යක්ෂ – ස්වාධීන විධායක නොවන

සුරේන් ගුණවර්ධන මහතා තොරතුරු තාක්ෂණය , විදුලි සංදේශණ , ආයතනික ප්‍රතිව්‍යුහගතකරණය, ආයෝජන /ණය කළමනාකරණය , මූල්‍ය , අලෙවිකරණය/ විකුණුම් සහ ව්‍යාපාර කළමනාකරණය වැනි විවිධ ක්ශේත්‍රයන්හි වසර 31 ක පුළුල් අත්දැකීම් ඇති විවිධ ක්ශේත්‍රයන්හි ජ්‍යෙෂ්ඨ තනතුරු දැරූ අයෙකි.

ඔහු ඔස්ට්‍රේලියාවේ මොනෑශ් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර ගිණුම්කරණය පිලිබඳ උපාධිලාභියෙක් [BBUS (ACC)] වන අතර සහතිකලත් ක්‍රියාශීලී ගණකාධිකාරිවරයෙකු වශයෙන්ද කටයුතු කරයි. එක්සත් රාජධානියේ වරලත් අලෙවිකරණ ආයතනයේ උපාධිලාභියෙක් (CIM) වන ගුණවර්ධන මහතා ශ්‍රී ලංකාවේ වරලත් අළෙවිකරණ ආයතනයේ සාමාජිකයෙකු ද වේ. ශ්‍රී ලංකා සේවායෝජකයන්ගේ සම්මේලනයේ මණ්ඩල සාමාජිකයෙකු මෙන්ම ශ්‍රී ලංකාවේ ඉන්දියානු වාණිජ විද්‍යා මණ්ඩලයේ විධායක කමිටුවේ හිටපු සාමාජිකයෙකුද වේ.

භාරතී එයාටෙල් ලංකා සමාගමේ සභාපති / කළමනාකාර අධ්‍යක්ෂ, ඩයලොග් රූපවාහිනියේ ප්‍රවර්ධන මෙහෙයුම් නිලධාරී, ලංකා බෙල් සමාගමේ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ , යන තනතුරුද, සිවිල් ගුවන් සේවා අධිකාරියේ සහ ලංකා නැව් සංස්ථාවේ අධ්‍යක්ෂකවරයෙකු ලෙසද ඔහු කටයුතු කර ඇත.

ගුණවර්ධන මහතා දැනට ලංකෙම් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන අතර ෆස්ට් ගාඩියන් ඉක්විටීස් සමාගමේ සහ දාවි ඉන්වෙස්ට්මෙන්ට් ට්‍ර්ස්ට් සමාගමේ අධ්‍යක්ෂකධූරද දරයි.

ටෞචිර ගුණරත්න කණ්ඩම්බි මහතා

අධ්‍යක්ෂ – ස්වාධීන විධායක නොවන

කණ්ඩම්බි මහතා 2020 අප්‍රේල් 23 දින ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයට බඳවා ගන්නා ලදී. ඔහු ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ (ACA) සහ ශ්‍රී ලංකාවේ සහතික කල කළමනාකරණ ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ (CMA) සාමාජිකයෙකි. කණ්ඩම්බි මහතා ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ බැංකු කළමනාකරණය පිලිබඳ පශ්චාත් උපාධිලාභියෙක්ද වේ.

ගණකාධිකාරිකරණය, විගණනය, ආයතනික කළමනාකරණය , මූල්‍ය සහ බදු යන ක්ශේත්‍රයන්හි වසර 30 කට අධික වෘත්තිමය පළපුරුද්දක් ඇති කණ්ඩම්බි මහතා ඉදිකිරීම් කටයුතු, ඉංජිනේරු , වෙළද සහ බෙදාහැරීම්, කෘෂිකාර්මික ,සංචාරක, බලශක්ති, ආගන්තුක සත්කාර , තොරතුරු තාක්ෂණය වැනි කේෂ්ත්‍රයන් හි පුළුල් පරාසයක දැනුම් සම්භාරයකටද උරුමකම් කියයි.

නන්ද ඉන්වෙස්ට්මෙන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් පී. එල්. සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී වශයෙන්ද කටයුතු කර ඇති ඔහු විදේශයන්හි ආයතන සමූහයකද ජ්‍යෙෂ්ඨ ගණකාධිකාරි තනතුරු හොබවා ඇත.

ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් සමාගමේ අධ්‍යක්ෂ තනතුරට අමතරව තවත් පෞද්ගලික ආයතන කිහිපයක අධ්‍යක්ෂ තනතුරු දරන කණ්ඩම්බි මහතා දැනට ටී. ජී. කණ්ඩම්බි සහ සමාගම නමින් ( වරලත් ගණකාධිකාරී ආයතනය ) තම වෘත්තීමය කටයුතු හොබවයි.

රනිල් විජේගුණවර්ධන මහතා

අධ්‍යක්ෂ – ස්වාධීන විධායක නොවන

විජේගුණවර්ධන මහතා වසර 2020 මැයි මස 18 වන දින ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයට පත්කරගන්නා ලදී.

ඔහු, ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරි ආයතනයේ සාමාජිකයෙකි (FCA). විජේගුණවර්ධන මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විසින් පිරිනමන පශ්චාත් කළමනාකරණ උපාධිලාභියෙක් මෙන්ම ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය විසින් පිරිනමන භාණ්ඩාගාර ආයෝජන සහ අවදානම් කළමනාකරණය පිලිබඳ ඩිප්ලෝමාධාරියෙකුද වේ.

ප්‍රමුඛ පෙලේ ලැයිස්තුගත සමාගම්වල සහ වෙනත් ආයතනවල මූල්‍ය හා කළමනාකරණය , ගිණුම්කරණය , බදුකරණය, විගණනය , පරිපාලනය , ප්‍රතිසම්පාදනය, තොරතුරු තාක්ෂණය සහ සංස්ථානික කළමනාකරණය පිලිබඳ වසර 30 කට වඩා වැඩි වෘත්තීය පළපුරුද්දක් ඔහු සතුව ඇත.

විජේගුණවර්ධන මහතා කොළඹ ඩොක්යාර්ඩ් පී. එල්. සී හි කළමනාකරණ අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කර ඇති අතර මින් පෙරද එම සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරී තනතුර හොබවා ඇත. ඔහු ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි ප්‍රමුඛ පෙලේ සමාගම් කිහිපයක අධ්‍යක්ෂ , ප්‍රධාන විධායක නිලධාරී , ප්‍රධාන මූල්‍ය නිලධාරී සහ සාමාන්‍යාධිකාරී තනතුරු හොබවා ඇත. වර්තමානයේ ඔහු වෙනත් ආයතන සඳහා ව්‍යාපාරකරණ උපදේශකයකු ලෙසද කටයුතු කරයි.