ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් පීඑල්සී සමාගම
අපේ ඉතිහාසය
ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් කම්පනි පීඑල්සී (AMF) සහ ආර්පිකෝ ෆිනෑන්ස් කම්පනි පීඑල්සී (AFC) වශයෙන් ඉමහත් ගෞරවයට පාත්‍ර වූ ශ්‍රී ලංකාවේ පැරණිතම මූල්‍ය ආයතන දෙකක් 2021 අප්‍රේල් මස 01 වැනි දින නිල වශයෙන් එක් ආයතනයක් ලෙසට ඒකාබද්ධ කෙරිණ.
විශාල පරාසයකින් යුත් මූල්‍ය විසඳුම් ඉදිපත් කිරීමෙහි ලා සාඩම්බරයෙන් යුත් දීර්ඝ ඉතිහාසයක් 1962 වර්ෂයේ ආරම්භ කරන ලද ආර්පිකෝ ෆිනෑන්ස් කම්පනි පීඑල්සී සතුව ඇත. ඒ හා සමාන සාඩම්බර ඉතිහාසයක් සහිත ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් කම්පනි පීඑල්සී ආරම්භ කරන ලද්දේ 1962 වර්ෂයේ දී ය. ශක්තිමත් ආයතන දෙකක එකතුව හරහා කාර්යක්ෂමතාව හා ඵලදායී බව වඩාත් ඉහළ මට්ටමකට ගෙනඒමට අපේක්ෂිත ය. එකී ඒකබද්ධතාව හරහා මූල්‍ය සේවා කර්මාන්තය තුළ උසස් ස්ථානයක් හිමිකරගැනීමේ පැහැදිලි දැක්මත් සමග මෙම ආයතනය ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභි මූල්‍ය ආයතන දැවැන්තයන් අතරින් එකක් බවට පත්වනු ඇත.


ආයතන දෙක ඒකාබද්ධවීමේ කටයුතු 2021 වර්ෂයේ අප්‍රේල් මස සාර්ථක ලෙස අවසන් කිරීමට හැකි විය.
වසර 2019 දී ගිවිසුම්ගත කරගත් පරිදි, AMF ආයතනය විසින් ආර්පිකෝ ෆිනැන්ස් ආයතනය 2021 අප්‍රේල් මස මුලුමනින්ම පවරාගනු ලැබිණ. AMF ඒකාබද්ධ ආයතනය ලෙසින් නව උද්යෝගයකින් සහ ශක්තියකින් ඉදිරියටම ගමන් කිරීම අපගේ අභිලාෂයයි.
අපේ ගමන් මග

Incorporated under the Companies Ordinance No. 54 of 1983





ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් පීඑල්සී සමාගම
පුරා දශක හයකට ආසන්න කාලයක් අප ආයතනය පාරිභෝගික තෘප්තිය උදෙසා කැපවී සිටින බව පවසන්නේ ආඩම්බරයෙනි. අපගේ ප්‍රෞඪ ඉතිහාසය සහ දිවයින පුරා පිහිටි ශාඛා ජාලයේ අත්දැකීම් සමගින් ලීසිං, කුලී සින්නක්කර, ස්ථාවර තැන්පතු, ඉතුරුම් සහ ඉස්ලාමීය පහසුකම් දක්වා ඔබගේ පෞද්ගලික සහ ව්‍යාපාරික අවශ්‍යතා සපුරාලන පුළුල් මූල්‍ය සේවාවන් රැසක් සැපයීමට අපට සහය විය හැක.
