ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් පීඑල්සී සමාගම

AMF ණය පහසුකම්

AMF ණය පහසුකම් මගින් ව්‍යාපාරික ආයතන සහ ව්‍යවසායකයින්ට ඔවුන්ගේ ව්‍යාපාරයේ මූල්‍ය ස්ථායිතාව සහතික කිරීම සඳහා අපහසුතාවයකින් තොරව කෙටි කාලීන ණය ලබාදීම සිදුකරයි. මේ සඳහා අන්තර්ජාල අයදුම්පත් යොදාගනිමින් අප සමග සම්බන්ධ විය හැක. ව්‍යාපාර හිමියන්ට ඔවුන්ගේ ව්‍යාපාර පුළුල් කිරීමට සහ දියුණු කිරීමට උපකාර වන ඉක්මන් සහ නම්‍යශීලි සේවාවන් ලබාදීම අපගේ ඉලක්කයයි.

ණය සඳහා අයදුම් කිරීමේදී පියවර සහ ක්‍රියා පටිපාටි මොනවාද?

AMF ණය මගින් පුද්ගලික හා ව්‍යාපාරික වත්කම් මිලදී ගැනීම වැනි විවිධ අරමුණු සඳහා ණය සේවා ලබා දීමෙන් ව්‍යාපාර වර්ධනය කිරිඉමට උපකාරී වේ.සුළු හා මධ්‍ය පරිමාණ ණය දෙන කර්මාන්ත ක්ෂේත්‍රයේ ව්‍යාපාර සඳහා හොඳම හා වේගවත්ම සේවාවක් ඉදිරිපත් කරන්නෙමු.

ඔබ කුඩා මධ්‍යම ව්‍යාපාරයක අයදුම්කරුවකු  නම්, ඔබට ණයක් සඳහා ඉල්ලුම් කිරීමට සුදුසුම සමාගම AMF ය.ණය අයදුම් කිරීම සඳහා අවශ්‍ය සියලු පියවරයන් සමඟ එයටම ආවේණික ක්‍රියා පටිපාටියක් පවතින බව AMF වෙතින් ණයක් සඳහා අයදුම් කිරීමේදී මතක තබා ගත යුතුයි.

මෙම ණය ලබාගත හැක්කේ කාටද?

වඩු කර්මාන්තය, මැටි කර්මාන්තය, ධීවර සහ කෘෂිකර්මාන්තය, යෝගට් සහ වෙනත් කර්මාන්ත ගණනාවක් සඳහා ණය පහසුකම් ලබාදීම AMF ආයතනය මගින් සලසා බලයි. ණය
අවශ්‍ය පුද්ගලයා ව්‍යාපාරයට නවකයෙක්‌ නොවීම සහ ණය අවශ්‍ය කරන ව්‍යාපාරය දැනට අඛණ්ඩව පැවතීම ණය අයදුම්පත ධනාත්මකව සලකා බැලීමට හේතුවේ.

ව්‍යාපාර ණය

මූල්‍ය ස්ථායිතාව සහතික කිරීම සහ ඔවුන්ගේ ව්‍යාපාර පුළුල් කිරීම සඳහා ව්‍යාපාරික ආයතන සහ ව්‍යවසායකයින්ට අපහසුතාවයකින් තොරව කෙටි කාලීන ණය ලබා දීම.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයක් වන AMF ඔබට ණයක් සඳහා ඉල්ලුම් කිරීමට සුදුසුම සමාගමයි. කාරක ප්‍රාග්ධන අවශ්‍යතා, ව්‍යාපාර ආයතනය සඳහා වත්කම් මිලදී ගැනීම සඳහා අපි ණය ලබා දෙන්නෙමු.

ණයක් ලබා ගැනීමට අවශ්‍ය ලියකියවිලි මොනවාද?

  • ණය අයදුම්කරුගේ ජාතික හැඳුනුම්පත
  • ස්ථිර පදිංචිය සනාථ කිරීමේ ලියකියවිලි
  • ව්‍යාපාර ලියාපදිංචි සහතිකය
  • පසු මාස හයක බැංකු ප්‍රකාශන
  • මූල්‍ය ගිණුම් ප්‍රකාශන / බදු ගෙවීම්
  • අපහට පිලිගතහැකි ඇප කරුවන් සහ / හෝ ස්පර්ශ්‍ය ඇප
  • වසර 5 ක් දක්වා ණය ආපසු ගෙවීමේ කාලය

අයදුම්කරු ව්‍යාපාරික ආයතනයක් නම් පහත සඳහන් ලියකියවිලි අවශ්‍ය වේ.

  • ව්‍යාපාරයේ ලියාපදිංචි සහතිකය
  • සමාගම් පරමාර්ථ ප්‍රකාශය සහ සමාගම් ව්‍යවස්ථාව
  • පෝරමය 20 (Form 20)
  • පසු මාස 3 ක විගණනය කළ ගිණුම් ප්‍රකාශන
  • අධ්‍යක්ෂකවරුන්ගේ ජාතික හැඳුනුම්පත්

වැඩි විස්තර සඳහා

ණය අයකර ගැනීම් සදහා වැඩි විස්තර