ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් පීඑල්සී සමාගම
ඉස්ලාමීය මූල්‍ය සේවා
අල් ජබාල් – නව මූහුණුවරකින් ඔබ වෙතට පැමිණෙන විකල්ප මූල්‍ය සේවාවේ ඔබ සිත්ගත් හවුල්කරු.

‘අල්-ජබාල්’ යන්නෙහි තේරුම “කන්ද” යන්නයි. එයින් සංකේතවත් වන්නේ ඉස්ලාමීය ඒකකය, ඉස්ලාමීය මූල්‍ය දර්ශනය තුල නිහතමානී ලෙස ගමන් කරන බවයි. ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් සමාගම සිය විකල්ප මූල්‍ය සංකල්පය පරමාදර්ශයක් ලෙස සමස්ථ ජනතාව වෙතම සැපයීමට සැදී පැහැදී සිටියි. අපගේ සේවයට කැප වූ විකල්ප මූල්‍ය කණ්ඩායම සහ සුප්‍රසිද්ධ ෂරියා උපදේශක කමිටු සාමාජිකයන්ගේ මග පෙන්වීම සමඟ ආචාරධාර්ම සහ ව්‍යාපාරික කුසලතා පෙරදැරි කරගත් ඉස්ලාමීය මූල්‍යකරණය ඔබ වෙත පිලිගන්වමු.
AMF ඉස්ලාමීය මූල්‍ය සේවා
ආයෝජන අවස්ථා
AMF විකල්ප මූල්‍ය ඒකකය (AFU) සමඟ වකාලාහ් ආයෝජන අවස්ථාව ඔබට ස්ථාවර හෝ කාලීන තැන්පතු සඳහා විකල්පයක් සපයන අතර ආයෝජකයාට තම ප්රතිලාභ සහ මූල්‍ය සුරක්ෂිතතාවය සැලසුම් කිරීමට මාර්ගයක්ද ලබා දෙයි.


විකල්ප මූල්‍ය සේවාව ක්‍රියාත්මක වන්නේ කෙසේද?
වකාලාහ් සේවාව යනු ආයෝජකයා සහ ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් සමාගමේ විකල්ප මූල්‍ය ඒකකය අතර ආරම්භ වන වකාලාහ් නියෝජිත් ගිවිසුමකි.
මෙම ආයෝජන AMF ව්‍යාපාර කටයුතු තුළ ෂරියා අනුකූල ලාභදායී ගණුදෙනු සඳහා යොදා ගැනේ.
විශේෂ ලක්ෂණ සහ ප්රතිලාභ
- අවම ආයෝජනය රු. 25,000/-
- මාස 03 සිට මාස 60 දක්වා ආයෝජන කාළ සීමා
- මාසික, කාර්තුමය, ද්වි වාර්ෂික, වාර්ෂික සහ කල්පිරීමේ ලාභාංශ
- සාම්ප්‍රදායික ඉතුරුම් ගිණුමට වඩා ඉහල ලාභාංශ
- වකාලාහ් ආයෝජනය ඇප මත තබා ව්‍යාපාර ප්‍රාග්ධන සහ අනෙකුත් අවශ්‍යතා සඳහා ණය පහසුකම්
- සාම්ප්‍රදායික මුදරබා ගිණුමට වඩා ඉහල ලාභාංශ ජනනය කිරීමේ හැකියාව.

මූල්‍යකරණ විකල්ප

විකල්ප මූල්‍ය සේවා
(අළුත් සහ ලියාපදිංචි වාහන සඳහා)
“ඉජාරාහ්” යනු ඉස්ලාමීය ෂරියා නීතියේ විකල්ප මූල්‍ය සේවාවක් වන අතර ඉස්ලාමීය බැංකු සහ මූල්‍ය කළමනාකරණය තුල ලොව බහුලව භාවිතාකරන ණය පහසුකමකි.
මෙම පහසුකම යටතේ, අප ඔබගේ වාහනයේ මුල් අයිතිය පවරාගන්නා අතර එම වාහනයම ඔබහට කුලී පදනම මත යළි ලබාදෙනු ලැබේ. ගිවිසුම් කරගත් කාලය තුලදී ගෙවීම් සම්පූර්ණ කල පසු අප විසින් නැවත එම වාහනය ඔබගේ නමට පවරාදීම කරනු ලැබේ.
මුරාබාහා ගණුදෙනු මූල්‍ය සේවා
ඉස්ලාමීය මුරාබාහා මූල්‍ය පහසුකම යටතේ, මූල්‍ය ආයතනය (අල් ජබාල්) සේවාදායකයා වෙනුවෙන් භාණ්ඩය මිලදීගැනීමෙන් පසුව මෙම භාණ්ඩය සේවාදායකයාහට නැවත විකිණීමක් කරයි. මෙම නැවත විකිණීමේදී, භාණ්ඩය මිලදීගැනීමේදී දරණ ලද පිරිවැය සහ නැවත විකිණීමේදී ගණනය කල ලාභාන්තිකය සේවාදායකයාට පැහැදිලිව දන්වා සිටිය යුතුය.


ෂරියා අධීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයන්
- අෂ්-ෂෙයික් මුර්ෂිඩ් එම්. මුලාෆර්
- අෂ්-ෂෙයික් මුහම්මද් හුසායිෆා
- සමාගම් ෂරියා උපදේශක යාහියා ඉල්හැම්
අප හා සම්බන්ධ වන්න (විකල්ප මූල්‍ය ඒකකය)
- අප අමතන්න: +94 11 555 3663
- අලෙවිකරණ හොට්ලයින්: +94 70 192 5536
- විද්‍යුත් තැපෑල: [email protected]
