ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් පීඑල්සී සමාගම
ඉතුරුම්
AMF ඉතිරිකිරීමේ ගිණුම්වල තරඟකාරී අනුපාත ඇතුළු බොහෝ ප්රතිලාභ අපි ලබා දෙන්නෙමු.
සාමාන්‍ය ඉතුරුම් ගිණුම්
ඔබගේ අනාගතය සඳහා අදම AMF ඉතිරිකිරීමේ ගිණුමක් ආරම්භකර ඉතිරි කරන මුදළට සරිලන පොලියක් උපයාගන්න.
අපගේ AMF ඉතිරි කිරීමේ ගිණුම ඔබගේ කෙටි කාලීන ඉලක්ක වලට සරිලන අයුරින් තරඟකාරී පොලී අනුපාත සමඟ නිර්මාණය කර ඇත. සතියේ දිනවල (නිවාඩු දවස් හැර) උදෑසන 8 සිට සවස 4 දක්වා ඔබගේ ඉතිරිකිරීමේ ගිණුමේ ගණුදෙනු කිසිදු අමතර ගාස්තුවක් රහිතව කිරීමට හැකියාව ඇත. ඔබගේ සියලු ගණුදෙනු සඳහා උපරිම සේවාවක් ලබා දීම අපේ අරමුණයි. අපගේ දිවයින පුරා පිහිටි ශාඛා ජාලය, ඔබට පුළුල් මුල්‍ය සේවාවක් වෙත ප්‍රවේශ වීම වඩාත් පහසු කරයි.


ප්රතිලාභ
- අවම ආරම්භක තැන්පතුව රු. 1,000 යි
- ගිණුමේ ශේෂයෙන් 90% ක් දක්වා ක්ෂණික ණය පහසුකම්
- වත්මන් පොලී අනුපාතය 6.00% p.a.
"දිරි ඉතුරුම්" ළමා ඉතිරිකිරීමේ ගිණුම්
AMF දිරි ඉතුරුම් ඔබගේ දරුවාගේ අනාගතය වෙනුවෙන් අප හඳුන්වාදෙන ළමා ඉතුරුම් ගිණුමයි.
ළමා ඉතුරුම් ගිණුමේ තැන්පතු, ඔබගේත් ඔබගේ දරුවාගේත් අනාගත සිහින සැබෑ කරගැනීමට මග පාදනු නියතය. ඔබගේ දරුවාගේ අනාගතය සුරක්ෂිත කරගැනීම උදෙසා අරක්ශිත සහ පහසු වටපිටාවක් අප ශාඛා ජලය හරහා ඔබට අත්දැකීමට හැකිවේ. දරුවාත් සමගම වර්ධනය වන ඉතුරුම්, දීර්ඝ කාලීනව දරුවා වෙනුවෙන් තැනූ ඔබගේ සැලසුම් යථාර්ථයක් බවට පත් කරයි. සාමාන්‍ය ඉතිරිකිරීමේ ගිණුම් පොලී අනුපාතයන්ට වඩා ආකර්ෂණීය පොලී අනුපාතයන් ළමා ඉතුරුම් ගිණුම් සඳහා අප ලබා දෙමු.


ප්රතිලාභ
- සාමාන්‍ය ඉතුරුම් ගිණුමට වඩා වැඩි පොලී අනුපාතයක්
- අවම අවම ආරම්භක තැන්පතුව රු. 1,000 / –
- වත්මන් පොලී අනුපාතය – 6.50% p.a.
වැඩි විස්තර සඳහා
- අප අමතන්න: +94 11 555 3663
- අලෙවිකරණ හොට්ලයින්: +94 71 309 0180
- විද්‍යුත් තැපෑල: [email protected]
