"අප සමාගමේ ප්‍රවර්ධනය රඳා පවතින්නේ අපගේ ආදරණීය සේවක මහත්ම මහත්මීන් සහ අප හිතවත් ගණුදෙනුකාර භවතුන් වන ඔබ සමගයි."

~ හාවි එස්. ෆයර්ස්ටෝන්

අපගේ සේවාවන්

AMF වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. ලීසිං, කුලී සින්නක්කර, ස්ථාවර තැන්පතු, ඉතිරුම් තැන්පතු සහ ඉස්ලාමීය මූල්‍ය පහසුකම් වැනි ආකර්ෂණීය මූල්‍ය විසඳුම් ගොන්නක් ඔබගේ අවශ්‍යතාවයට අනුව තරඟකාරී පොලී අනුපාත සමගින් ඔබ වෙත අඳුන්වා දෙමින් අපගේ වටිනා ගණුදෙනුකාර භවතුන් වන ඔබ හට ඉහළම පාරිභෝගික තෘප්තිය ලබා දීම අපගේ අපේක්ෂාවයි.

අපේ දැක්ම

ඔබේ මූල්‍ය අවශ්‍යතා පිළිබඳ විශ්වසනීය හවුල්කරු බවට පත්වීම.

අපේ මෙහෙවර

අපගේ වටිනා සේවාදායකයන් වෙත විවිධත්වයෙන් හා නව්‍යකරණයෙන් යුත් සේවාවන් නිරන්තරයෙන්ම පිරිනමමින්, මූල්‍ය සේවාවන් පිළිබඳ උසස්තම අත්දැකීම් ලබාදිය හැකි ප‍්‍රත්‍යාස්ථ පදනමක් ඇතිකිරීම උදෙසා අප හවුල්කරුවන්ගේ වටිනාකම් ඉහළ නැංවීම සහතික කෙරෙන සවිබලයෙන් හා ප‍්‍රතිලාභයෙන් යුතු කාර්ය-සංස්කෘතියක් නිර්මාණය කිරීම.

අපේ වටිනාකම්

එක් එක් පුද්ගලයාට මූල්‍යමය වශයෙන් වර්ධනය වීමට ඉඩ සලසන අනාගතයක් ගැන අපි විශ්වාස කරමු. ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් සමාගම හි දී, සෑම ගනුදෙනුකරුවකුගේම දැඩි විශ්වාසයෙන් හා ගෞරවයෙන් යුතුව උපකාර කිරීම සඳහා වාරික මූල්‍ය විසඳුම ඒකාබද්ධ කරමින් නිසි වේලාවට ප්‍රතිචාර දැක්වීමට අපි කැපවී සිටිමු.